Monday, May 20, 2019

Huawei Google ඇත්ත කතාව


●Huawei Ban එක ඔබට බලපාන හැටි👈😯

ඔබ Huawei Phone එකක් දැනටමත් පාවිච්චි කරන අයෙක් නම්, බිය නොවන්න, තහනම ක්‍රියාත්මක වන්නේ අලුතෙන් නිපදවන Huawei Devices වලට මිස ඔබ අතේ ඇති Devices වලට නොවේ. ඒ අනුව Google Apps හා Playstore ඔබට අවහිරයකින් තොරව භාවිතා කිරීමට හැකි වනු ඇත. ඒ වගේම සියලුම Major Updatesද ඔබට ගැටලුවක් නොමැතිව ලැබෙනු ඇත. සරලව කිවහොත් දැනට Huawei Device එකක් භාවිතා කරන ඔබට බිය වීමට කිසිදු හේතුවක් නොමැත.

දැන් බය නෑනේ😎
කටකතා අහ අහ ඉන්නේ නැතුව
ඉතුරු ටිකත් කියවල හරියට සිද්දිය දැනගන්න👇

අමෙරිකාව හා චීනය අතර වෙළෙඳ යුද්ධයෙන්  චීන ජංගම දුරකතන වෙළෙඳපොළට ද බලපෑම් එල්ල වී තිබේ🔥

කෙසේ වෙතත් ගූගල් සමාගම පවසන්නේ, දැනට Huawei ජංගම දුරකතන හිමි පාරිභෝගිකයින්ට අඛණ්ඩව එම ඇප්ස් භාවිත කිරීමටත් එම ඇප්ස් යාවත්කාලීන කිරීමටත් හැකි වනු ඇති බවයි💡

විදෙස් වාර්තා පවසන පරිදි අලුතින් නිර්මාණය කෙරෙන Huawei ජංගම දුරකතන සඳහා ඇතැම් ගූගල් ඇප්ස් ඇතුලත් නොවනු ඇත😢

පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදි ට්‍රම්ප් පරිපාලනය විසින් චීනයේ Huawei ටෙක්නොලජි සමාගම, වෙළෙඳ අසාදු ලේඛනගත කළ සමාගම් ලැයිස්තුවට ඇතුලත් කරනු ලැබුවේ ය.

ඒ යටතේ අමෙරිකානු රජයේ අනුමැතියකින් තොරව අමෙරිකානු සමාගමකින් තාක්ෂණය ලබා ගැනීම Huawei සමාගමට තහනම් වේ🚫

එම නියෝගයත් සමග වහාම ක්‍රියාත්මක වන පරිදි Huawei සමාගමට අමෙරිකානු සමාගම් සමග ව්‍යාපාර කටයුතු කිරීම අසීරු වනු ඇත😥

ගූගල් සමාගම ප්‍රකාශ කළේ, අමෙරිකානු රජයේ නව නියෝගයට අනුව තමන් කටයුතු කරන බවයි😌

මේ වසර අග වන විට ගූගල් සමාගම සිය මීළඟ පරම්පරාවේ ඇන්රොයිඩ් මෙහෙයුම් පද්ධතිය එළිදැක්වුව ද Huawei ජංගම දුරකතනවලට යු ටියුබ් සහ ගූගල් මැප්ස් වැනි මෘදුකාංග ඇතුලත් නොවනු ඇතැයි ද විදෙස් වාර්තා සඳහන් කළේය😔

මීට අමතරව ඕපන් සෝර්ස් බලපත්‍රවලින් ආවරණය නොවන ජීමේල්, යුටියුබ්, ක්‍රෝම් වැනි මෘදුකාංග Huawei ජංගම දුරකතනවල ගූගල් ප්ලේ ස්ටොර්වලට ඇතුලත් නොවනු ඇත😔

අමෙරිකාව ඇතුළු බටහිර රටවල් චෝදනා කර සිටින්නේ, Huawei සමාගමේ ජංගම දුරකතන උපාංග, චීනය ඔත්තු බැලීම වැනි කටයුතු සඳහා යොදා ගන්නා බවයි😨

එහෙත් Huawei සමාගම එම චෝදනාව දැඩිව ප්‍රතික්ෂේප කර තිබේ😏

තම කටයුතුවලින් කිසිදු තර්ජනයක් නොවන බවත්, සිය සමාගම චීන රජයෙන් බැහැර ස්වාධීන සමාගමක් බවත් Huawei සමාගම අවධාරණය කළේ ය☺

එහෙත් ඇතැම් රටවල් 5G ජංගම දුරකතන ජාල සඳහා Huawei නිෂ්පාදන භාවිත කිරීම තහනම් කරනු ලැබිණි.

Huawei සමාගමට එරෙහිව අමෙරිකානු රජය ගනු ලබන නවතම පියවර අමෙරිකාව හා චීනය අතර මතභේදාත්මක තත්ත්වය තවදුරටත් වර්ධනය වනු ඇතැයි විදෙස් වාර්තා ආනවරණය කළේ ය.

Huawei සමාගමට එරෙහිව අමෙරිකානු බලධාරීන් විසින් අපරාධ චෝදනා 24 ක් ගොනු කර තිබේ😵

පසුගිය දෙසැම්බර් මස කැනඩාවේදී අත්අඩංගුවට ගත් Huawei සමාගමේ ප්‍රධාන මූල්‍ය නිලධාරිනි මෙන් වන්ෂුවෝ අමෙරිකානු ආරක්ෂක අංශ භාරයට ලබා ගැනීමට අමෙරිකානු බලධාරීන් මේ වන විට පියවර ගනිමින් සිටින බව ද විදෙස් වාර්තා
සඳහන් කළේ ය.

අමෙරිකානු නිලධාරීන්ගේ අවශ්‍යතාවය මත මෙම නිලධාරිනිය කැනඩාවේදී අත්අඩංගුවට ගැනුනේ චීනය හා අමෙරිකාව අතර වෙළෙඳ මතභේද තවදුරටත් තීව්‍ර කරමිනි.

😎👉ගූගල් සමාගමට අනුව ලොවපුරා සක්‍රීයව භාවිත වන ඇන්රොයිඩ් ජංගම දුරකතන ප්‍රමාණය බිලියන 2.5 කි.

Huawei සමාගමෙන් මේ සම්බන්ධයෙන්
නිකුත් කරන ලද නිල නිවේදනය
පහත ඡායාරූපයේ දැක්වේ😊👇
                                          ●Admin-Kushan

1 comment:

  1. Godak watinawa machan❤
    Idiriyata karagena yanna
    suba pathanawa����

    ReplyDelete